FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය පාසල් 11 ක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමර්ශනයක්..!

දිවයිනේ පිහිටි ජනප්‍රිය පාසල්  එකොළහකට 2017 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් කළ සිසුන්ගේ නාම‍ලේඛන සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශ අභය්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එ අනුව කොළඹ ආනන්ද, නාලන්දා, විශාඛා, නුගේගොඩ අනුලා, මහනුවර ධර්මරාජ, උසස් බාලිකා, කුරුණෑගල මලියදේව, මලියදේව බාලිකා, ගාල්ල මහින්ද, සංඝමිත්තා, මාතර රාහුල විදුහල්වල නාම‍ලේඛන මෙම විමර්ශනය සිදු කෙරෙන බව සඳහන්.

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ 2016/17 චක්‍ර‍ලේඛයට අනුව දෙමාපිය භාරකාර අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇති ‍ලේඛන සාවද්‍ය යැයි සාක්ෂි සහිතව ඔප්පු වුවහොත් අදාළ පාසලට දරුවා ඇතුළත් කර ගැනීම අත්හිටුවනු ලැබේ.

අනතුරුව කලාප අධ්‍යක්ෂවරයා විසින් ලබාදෙන වෙනත් ඕනෑම පාසලකට දරුවාට ඇතුළත් වීමට සිදුවන බවද චක්‍ර‍ලේඛයේ සඳහන් කර තිබේ.