ඌව -පරණගම ආසන බලමණ්ඩල රැස්වීමට සහභාගී වූ හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා අද (8) තහවුරු කර සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අනිවාර්යයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහා මැතිවරණයට තරඟ කරන බවයි.
හෙට හෝ අනිද්දා රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබා දීම සිදු කරන බවත් ඒ අනිවාර්යෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කය සදහා බවත් නිමල් සිරිපාල හිටපු විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි.
” ඒක එහෙම නෙවෙයි කියලා ඇතැම් පත්තර වල ලියලා තියල තියෙනවා. ඒ පත්තරකාරයන්ට අපේ ගමේ ගොඩේ නම් කනට ගහනවා.. ” ඔහු පැවසිය.







