FAST NEWS

24×7 Around the Globe

අද දින සිට වැසි – සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි..

වැසි සහිත කාලගුණ තත්ත්වයක් අද (20) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

දිවයිනේ උතුරු සහ නැගෙනහිර කොටස්වල මෙම වැසි තත්ත්වයක් දැකිය හැකි බව එම නිවේදකයෙහි සඳහන්.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්‍තොට දිස්ත්‍රීක්කයෙත් විටින් විට වැසි ‍‍හෝ  ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්
ඇතැම් ස්ථානවල තරමක්  තද වැසි (මි.මි.‍75 ට වැඩි) ඇතිවිය හැකි බවද පැවසේ.

සෙසු ප්‍ර‍දේශවල තැනින් තැන සවස 2.00 පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍වන බවද සඳහන්.