FAST NEWS

24×7 Around the Globe

හිටපු මහ බැංකු අධිපති රාජ්‍ය නායකයා ඉදිරියේ දිව්රුම් දී නෑ..!

තමා කෝප් කමිටුවේ සභාපතිවරයාව සිටියදී බැඳුම්කර සිද්ධිය පිළිබඳව එවකට මහ බැංකු අධිපතිවරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තමා මෙරට පුරවැසියකු නොවන බවත් රාජ්‍ය නායකයා ඉදිරියේ කිසිම ආකාරයක දිවුරුම් දීමක් සිදුකර නැති බව පිළිගත් බවත් හිටපු කෝප් කමිටු සභාපති හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා ඊයේ (19දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

තමා දන්නා ඉතිහාසය තුළ රාජ්‍ය නායකයා ඉදිරියේ දිවුරුම් නොදී රටක ආර්ථික ක්ෂේත්‍රයේ මුදුන්මල්කඩ වන් ශ්‍රී ලංකා මහ බැංකුව පාලනය කළ එකම පුද්ගලයා අර්ජුන් මහේන්ද්‍රන් බවද ගුණසේකර මහතා පැවැසුවේය.

එසේ වැඩ කිරීමට වත්මන් ආණ්ඩුව ඔහුට රිසි සේ ඉඩදුන් බවද ඒ මහතා චෝදනා මුඛයෙන් සඳහන් කළේය.

ඩිව් ගුණසේකර මහතා මෙහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටියේ 24දා පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය එකිනෙකාට මඩ ගැසීම් සඳහා උපයෝගී කර නොගෙන මෙම සිද්ධිය පිටුපස තිබෙන දේශපාලන චින්තනය සහ ආර්ථික උපාය මාර්ගය රටේ ජනතාවට පැහැදිලි කිරීමට වග බලා ගත යුතු බවය.