FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති මහින්ද හා ශ්‍රීලනිප මහ ඇමතිවරුන්ගේ හමුවට දින නියමයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය ඇති පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරු අතර විශේෂ සාකච්ඡාවක් ලබන ඉරිදා (22දා) කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.

පළාත් පාලන අමාත්‍යවරුන් කළ ඉල්ලීමක් පරිදි මේ සාකච්ඡා ලබාදුන් බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් මහතා මාධ්‍ය වෙත පැවැසීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම, වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් වන තීරණාත්මක කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගනු ලබන බවද ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේය.