FAST NEWS

24×7 Around the Globe

සීමා නිර්ණය සුළු පක්‍ෂවලට අසාධාරණ නම් යළි විමසනවා – ඇමති ෆයිසර්.

සීමා නිර්ණය කමිටු වාර්තාවෙන් සුළු පක්‍ෂවලට යම් අසාධාරණයක්‌ වන බවට සැකයක්‌ පවතී නම් ඒ සම්බන්ධව නැවත විමසා බැලීමක්‌ කළහැකි යයි පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා ඊයේ (19 දා) පැවැසීය.

සුළු පක්‍ෂ නායකයන් කිහිප දෙනෙකු මේ වනවිට සීමා නිර්ණ වාර්තාව මගින් තම පක්‍ෂවලට අසාධාරණයක්‌ සිදුවී ඇතැයි ප්‍රකාශ කර ඇති බවත් ඒවා නිරාකරණයට අදහස්‌ විමසා කටයුතු කිරීම තම අරමුණ බවත් ඇමැතිවරයා කියා සිටියේ ඊයේ (19) කිලිනොච්චි ඉරණමඩු ජල යෝජනා ව්‍යාපෘතියේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්‌ වෙමිනි.

මේ වනවිට සීමා නිර්ණ කමිටු වාර්තාවේ ඇති මුද්‍රණ දෝෂ ඇතුළු අඩුපාඩු සළකා බලමින් සිටින බව පැවැසූ ඇමැතිවරයා එම වාර්තාව සම්බන්ධව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 23 දා විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිත බවද වැඩිදුරටත් කීය.