FAST NEWS

24×7 Around the Globe

ලොතරැයි 25 වැනිදා සිට ලබා දීය හැකියි – 18 ගැසට්ටුව තවම නෑ..

ලොතරැයිපතක මිල රුපියල් 20ක් දක්වා පහළ දැමීම සඳහා වන ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කොට නොමැති බවත් ඉදිරි දින කිහිපය තුළදී එය නිකුත් කිරීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.

අදාළ ගැසට් නිවේදනය පසුගිය 18දා මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට කටයුතු කරන බවට ලොතරැයි මණ්ඩලයේ බලධාරීන් සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව මේ මස 25දා වන විට නව ටිකට් පත් ලබාදිය හැකි බව බලධාරීන් පොරොන්දු වූ බව එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයකු කියා සිටියේ පවතින තාක්ෂණික සහ නීතිමය ගැටලු විසදාගැනීමෙන් අනතුරුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවයි.