FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට රිංගු හර්ෂට ඇප..

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී දත්ත මකා දැමීයැයි රිමාන්ඩ් බාරයේ සිටි අනුරුද්ධ හර්ෂ අබේසූරිය නම් සැකකරු ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.

ජනපතිගේ වෙබ් අඩවියට ඇතුළු වී ඊට යොමු කර තිබූ මහජන පැමිණිලි මාධ්‍ය ආයතනවලට යොමු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරුට රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් පන් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් නියම විය.