FAST NEWS

24×7 Around the Globe

නව ව්‍යවස්ථා සංශෝධනය කල යුතු වන්නේ බහුතර ජනතා කැමැත්තට අනුවයි…

 

සියලු දෙනාට පිළිගත හැකි ව්‍යවස්ථාවක් සකස් කළ නොහැකි බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවැසීය.

ඔහු පෙන්වා දෙන්නේ බහුතර ජනතාවගේ කැමැත්ත මත නව ව්‍යවස්ථා සංශෝධනය සකස් කළ යුතු බවයි.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙම අදහස් පළ කළේය.