FAST NEWS

24×7 Around the Globe

රටවල් 5ට නව තානාපතිවරු පත් කරති.

ඔස්ට්‍රේලියාව, කැනඩාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා නව තානාපතිවරු පත් කර තිබේ.

ඒ අනූව ඔස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස එස්. ස්කන්ධකුමාර් පත් කර ඇත.

ආචාර්ය ඒ. එස්. යූ මෙන්ඩිස් මහතා බහරේනයට පත් කර තිබේ.

ඒ. ජවාඩ් මහතා කැනඩාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කර ඇත.

එසේම මනිෂා ගුණසේකර දකුණු කොරියාවෙත්, එම්.කේ පද්මනාදන් ඕමානයෙත් ශ්‍රී ලංකා තානාපතිවරු ලෙස පත් කර තිබේ.