FAST NEWS

24×7 Around the Globe

ඊ නිවුස් කර්තෘ සඳරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට  අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කළේය.

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පළ කළ ඇතැම් පුවත් මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට චෝදනා කරමින් නීතීඥ වන මධුර විතානගේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම් 14 ක් අද(19) කැඳවූ අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය