FAST NEWS

24×7 Around the Globe

ඇමති අජීත් පී පෙරේරාට එක්‌සත් ජාතීන්ගෙන් ධුරයක්..

එක්‌සත් ජාතීන්ගේ ආසියානු සහ ශාන්තිකර කලාපීය ආර්ථික හා සමාජයීය කොමිසමේ බලශක්‌ති කමිටුවේ සභාපති ධුරයට විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අජිත් පී. පෙරේරා මහතා සාමාජීක රටවල ඒකමතිකත්වයෙන් තේරී පත්වී ඇත.

ඒ මේ වන විට තායිලන්තයේ බැංකොක්‌ නුවර පැවැත්වෙන එම කමිටු සැසි වාරයේදී නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගේ නම ලාඕස නියෝජිතයා විසින් යෝජනා කළ අතර, ජපාන නියෝජිතයා විසින් ස්‌ථිර කරන ලදී.

බලශක්‌ති කමිටුව සඳහා චීනය, රුසියාව, ජපානය, ඉන්දියාව ඇතුළු සාමාජික රටවල් 53 සහ එක්‌සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, එක්‌සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ යුරෝපා කොමිසමේ නියෝජිතයෝ සහභාගි වී සිටිති.