FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ ඩෙංගු සෙවීම 24 වැනිදා..!

මෙම මස 24 වැනිදා දිවයිනේ සියලු රාජ්‍ය ආයතන පරිශ්‍රයන් තුළ ඩෙංගු මදුරුවන් බෝවී ඇත්දැයි පිරික්‌සීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සියලු කැබිනට්‌ රාජ්‍ය හා පළාත් සභා ඇමැතිවරුන්ගෙන් ඉල්ලා ඇති බව වාර්තා.

දිවයිනේ රාජ්‍ය ආයතනවලින් සියයට 65 ක ඩෙංගු මදුරු කීටයින් බෝවී ඇති බව අනාවරණය වී තිබීම හේතුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගන්නැයි සෞඛ්‍ය ඇමතිවරයා මෙම ඉල්ලීම සිදු කර ඇති බව වාර්තා වේ

පසුගිය වසරේදී ඩෙංගු රෝගීන් 54,727 දෙනකු දිවයිනෙන් වාර්තා වි තිබූ අතර ඩෙංගු මරණ 78 ක්‌ වාර්තා වී තිබේ.