FAST NEWS

24×7 Around the Globe

ජල විදුලි නිෂ්පාදනය සියයට 11 දක්වා පහතට..

දිවයිනට බලපා ඇති වියළ කාළගුණ තත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 11 ක් දක්වා අඩුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මාධ්‍ය වෙත  සඳහන් කර සිටියි.

එය මෑත ඉතිහාසයේ වාර්තාවූ අඩුම විදුලි නිෂ්පාදන ධාරිතාව බවත් සාමාන්‍යයෙන් දිනකට ජල විදුලිය නිෂ්පාදනය සියයට 34 ක මට්ටමක පවතින බවද එම සංගමය සඳහකන් කළේය.

එසේම විදුලි සැපයුම ලබාදීම පිළිබඳව අර්බුදකාරී අවස්ථාවකට මණ්ඩලය මුහුණදී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා කොළඹ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.