FAST NEWS

24×7 Around the Globe

ජීඑස්‌පී ප්ලස්‌ සම්බන්ධ මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්‌ම ගැන සෙවීම ජනපතිගෙන් කොමීසමක්…!

ජීඑස්‌පී ප්ලස්‌ බදු සහනය ලබාදීමට අදාළව යුරෝපා කොමිසම විසින් ඉදිරිපත් කර ඇති මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්‌මේ කරුණු අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පළාත් පාලන සහ පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපාඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක්‌ පත් කර ඇති බව වාර්තා වේ.

මේ කමිටුව මගින් එම ක්‍රියාකාරී සැලැස්‌මේ ඇති කරුණු ගැන පුළුල් අධ්‍යයනයක්‌ කිරීමට නියමිත බව පැවසේ.

එම අධ්‍යයනය මගින් එම සැලැස්‌මේ ඇති කරුණුවලින් ඉටු කළ හැකි කරුණු මොනවාද ඉටු කිරීමට අපහසු කරුණු මොනවාද යන්න හඳුනාගෙන ජනාධිපතිවරයාට වාර්තා කිරීමටද නියමිත අතර ඉටු කිරීමට අපහසු කරුණු හඳුනාගෙන ඒවා පිළිබඳව යුරෝපා කොමිසමට ලිඛිතව හේතු පැහැදිලි කිරීමට නියමිත බවද රජයේ ආරංචි මාර්ග කියයි.