FAST NEWS

24×7 Around the Globe

ලොතරැයි මීල සංශෝධන ගැසට් පත්‍රය අද මධ්‍ය රාත්‍රී නිකුත් වෙයි..

ලොතරැයි පතක මිල රුපියල් 20 ක් දක්වා පහළ දැමීම සඳහා වන ගැසට් නිවේදනය අද (18දා) නිකුත් කරන බවට මුදල් අමාත්‍යාංශය සඳහන් කළ බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය සඳහන් කරයි.

මුදල් අමාත්‍යාංශය  ටිකට් පතක මිල රුපියල් 30 ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළ අතර, එයට විරෝධතා එල්ල වීම හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ටිකට්පතක මිල රුපියල් 20 ක් දක්වා නැවත පහත දැමීය.

ටිකට් පතක මිල රුපියල් 30 දක්වා ඉහළ දැමීමේදී ත්‍යාග මුදල් ප්‍රමාණයද සංශෝධනය වී තිබෙන බවත්, මේ නිසා ලොතරැයි පතක මිල රුපියල් 20 ක් දක්වා අඩු කිරීමත් සමග ත්‍යාග මුදල් ක්‍රමයද අලුතින්ම වෙනස් කිරීමට සිදුව තිබෙන බවත් එම සංගමයේ  සඳහන් කරයි.

එම කටයුතු අවසන් කර මේ මස 25 වැනිදා වනවිට නව ටිකට් පත් ලබාදිය හැකි බවට අද (18දා) බලධාරීන් සඳහන් කළ බවද ඔහු පවසා සිටියේය.