FAST NEWS

24×7 Around the Globe

යුරෝපීය පාර්ලිමේන්තුවේ නව සභාපති ඉතාලියේ ඇන්ටෝනියෝ..

යුරෝපීය පාර්ලිමේන්තුවේ නව සභාපති ලෙස ඉතාලියේ ඇන්ටෝනියෝ ටජානි තේරී පත්වු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඔහු මීට පෙර ඉතාලි අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනිගේ ප්‍රකාශකවරයා ලෙස කටයුතු කර ඇත.

යුරෝපීය පාර්ලිම්න්තුවේ සභාපතිධූරය සඳහා ඇන්ටෝනියෝ සමඟ තවත් ඉතාලි ජාතිකයෙකු සහ ජර්මන් ජාතිකයෙකු තරඟ වැද ඇති බව සඳහන්ය.

ඡන්ද 351ක් හිමිකරගනිමින් ඇන්ටෝනියෝ යුරෝපීය පාර්ලිමේන්තුවේ සභාපතිධුරයට තේරී පත්ව තිබේ