FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර හොරු අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට නියෝගක් ?

බැඳුම්කර වංචාවට වගකිව යුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්‌පතිවරයාට උපදෙස්‌ දී ඇති නමුත් පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා එම නීතිපති උපදෙස්‌ අනුව අදාළ වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකර නැතැයි දිනපතා ප්‍රවෘත් පත්‍රයක් වාර්තා කර සිටියි.

මෙසේ පොලිස්‌පතිවරයා බැඳුම්කර වංචාවට අදාළව නීතිය ක්‍රියාත්මක නොකළේ නම් එය බරපතළ වරදක්‌ බවද එහි සඳහන්.

පොලිස්‌පතිවරයාගේ මේ ක්‍රියාකලාපය ගැන රජයේ ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ ද දැඩි අවධානය යොමුව ඇති අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී රජයේ ඉහළම මට්‌ටමින් ක්‍රියාමාර්ගයක්‌ ගැනෙනු ඇතැයි ද පුවත්පතින් පැවසේ .

අදාළ කෝප් වාර්තාව පාර්ලිමේන්තු ක්‍රියාවලිය අවසන් වීමටත් පෙර අගමැතිවරයා විසින් නීතිපතිවරයා වෙත යවා තිබූ අතර ඉන් දින හතරකට පමණ පසු නීතිපතිවරයා විසින් එම කෝප් වාර්තාවට අනුව ඊට වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්‌පතිවරයාට උපදෙස්‌ දී තිබූ බවද එහෙත් පොලිස්‌පතිවරයා ඊට අදාළව මෙතෙක්‌ නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ඉහළම අවධානය යොමුව ඇතැයි එම ප්‍රවෘත් පත්‍රය මගින් වැඩිදුරටත් වාර්තා කර තිබේ.