FAST NEWS

24×7 Around the Globe

සීමා නීර්ණ අභියාචනා කමිටු වාර්තාව ඇමති ෆයිසර්ට – ගැසට් පත්‍රය 31 වැනිදාට පෙර..

සීමා නීර්ණ අභියාචනා කමිටු වාර්තාව අද(17) දිනයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත බාරදී තිබේ.

එසේම මෙම වාර්තාව ජනවාරී මස 31 වැනි දිනට පෙර ගැසට් කිරිමට පියවර ගන්නා බවද මෙහිදි ඇමති  ෆයිසර් මුස්තාපා මහතා මධ්‍ය වෙත පැවසීය.

වාර්තාව සඳහා සියලුම කමිටු සාමාජිකයන් අත්සන් තබා ඇති බවද අශෝක පීරිස් මහතාද මෙහිදි  පැවසී ය.

සීමා නිර්ණය අභියාචනා කමිටුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිත ජ්‍යෙෂ්ඨ නිතිඥ අබ්දුල් සත්තාර් එම්. මිස්බා මහතා අද සීමා නිර්ණය අභියාචනා කමිටු වාර්තාවට අත්සන් තැබීය.