FAST NEWS

24×7 Around the Globe

දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රීයේ සිට අකුරට වැඩ..

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය රියදුරන්ගේ සංගමය අද (17) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

බලධාරීන් සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි.

දුම්රිය එංජින් රියදුරු ශ්‍රේණියට බලපා ඇති වැටුප් විෂමතා, දුම්රිය එංජින් රියදුරු සේවයේ බඳවා ගැනීමේ පටිපාටිය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බව එම සංගමය සඳහන් කළේය.

අවස්ථා කිහිපයකදී ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සිය ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කළ ද මේ වන තෙක් ඒ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමුවී නොමැති බව ඔවුන් පෙන්වා දෙනු ලබයි.