විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතාට එන්තරවාසියක් යවා ඇති බව වාර්තා වේ.
මන්ත්‍රීවරයා පසුගිය දිනයකදී මාධ්‍යට කළ ප්‍රකාශයක් හේතුවෙන් සිය කීර්තිනාමයට අපහාස වී ඇතැයි පවසමීන් රුපියල් මිලියන 425ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලමින් මේම එන්තරවාසිය යවා ඇති බවද පැවසේ.
මන්ත්‍රීවරයා පැවැත්වූ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ට රක්ෂණාවරණයක් හඳුන්වාදීමෙන් රුපියල් මිලියන 1500ක මුදලක් අමාත්‍යවරිය වංචා කළැයි පවසා ඇති බව විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
අදාළ වන්දි මුදල දින 14ක් ඇතුළත ගෙවන ලෙස එම එන්තරවාසියේ සඳහන්ව ඇතැයි විදේශ රැකියා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.
–








