FAST NEWS

24×7 Around the Globe

උඩුවේ ධම්මාලෝක හිමිගේ අලි නඩුව කල් යයි…

 

අලි පැටියකු ඇලන් මැතිනියාරාමයේ රඳවාගෙන සිටියේ යැයි පොදු දේපොළ පනත යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව මාර්තු 16 සහ 17 දෙදිනේ විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිෂ්ෂංඛ බන්දුල කරුණාරත්න මහතා අද(17) නියෝග කළේය.

මෙම නඩුව අද(17) විභාගයට ගැනීමට නියමිතව තිබූ අතර නඩුවේ විත්තිකාර ධම්මාලෝක හිමි අධිකරණයට පැමිණ සිටි නමුත් පැමිණිල්ලේ පළමු සාක්කිකරු වන හිටපු නියෝජ්‍ය වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා අධිකරණයට පැමිණ සිටියේ නැත.

පැමිණිල්ලේ පළමු වැනි සාක්කිකරු නොමැති වීම නිසා ඔහුට යළි සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුව මාර්තු 16, 17 විභාග කිරීමට තීන්දු කළේය.