FAST NEWS

24×7 Around the Globe

”මං නිවැරදියි- දිවුරුම් ප්‍රකාශයක් හෝ ප්‍රකාශයක් ලබාදීමට සූදානම්”

 

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නියෝගයකට අනුව කටයුතු නොකිරීමෙන් ඊට අපහාස කර ඇති බවට එල්ල වන චෝදනාවට තමා නිවැරදිකරු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ(16) දැනුම් දුන්නේය.

මන්ත්‍රීවරයා එහිදී පවසා සිටියේ දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමට හෝ ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම වෙත යාමට තමා සූදානම් බවය.

අයථා ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා තම කොමිසම හමුවේ පෙනී නොසිටීම තුළින් ඊට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම අධිකරණයේ නඩු පවරා තිබේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිල්ල පිළිබඳව දැන ගැනීම සඳහා එහි පිටපතක් ලබාදෙන ලෙසයි.

මෙම නඩුව මේ මස 31 වන දා යළි කැදවනු ඇති.