FAST NEWS

24×7 Around the Globe

දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන නව තේ වර්ගයක් සොයා ගැනෙයි…

 

තලවාකැලේ තේ පර්යේෂණාගාරයේ විද්‍යාඥයන් විසින් දේශගුණික විපර්යාසවලට හා වියලි කාලගුණයට ඔරොත්තු දෙන නව තේ වර්ගයක් සොයා ගෙන තිබේ.

මෙය වසර 25ක පමණ කාලයක් තිස්සේ එම ආයතනයේ විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණයක ප‍්‍රතිඵලයක් බව තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපති එම්.එන්.ජේ.පී. ගවරමාන්න මහතා පැවැසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(16) තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම නව තේ ප‍්‍රභේදය ටී.ආර්.අයි.5000 කාණ්ඩය වශයෙන් හඳුන්වන අතර එය ප‍්‍රභේද 4ක් ලෙස හඳුන්වා දෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.

ලබන 21 වැනිදා ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ සිදුකරන සංචාරයේදී මෙම නව තේ ප‍්‍රභේදය සහ තේ වගාකරුවන් වෙත කෙටි පණිවුඩ හා තොරතුරු දැන ගැනීමේ සේවාවක් ආරම්භ කිරිමට කටයුතු කර ඇති බවද ගවරමාන්න මහතා පැවැසුවේය.