FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශයේ ඇල්ප්ස් කඳු යායේදී රිතික් – සුසෑන් හමුවක්…

 

වෙන්වී ගිය මවුපිය යුවළක් තම දූ දරුවන් සමග නිවාඩුවක් ගත කළ පුවතකින් බොලිවුඩ් පුරවැසියන් පමණක් නොව මුළු ලොවම පුදුමයට පත්ව ඇතැයි වාර්තා වේ.

නැවත කිසිම දිනක මුණ නොගැසෙන්නට සිතාගෙන නීත්‍යනුකූලව වෙන්වූ මේ යුවළ, රිතික් රෝෂන් සහ සුසෑන් ඛාන් වන අතර මේ දෙදෙනාගේ පවුල් ආරවුල් වගතුග මේ වන විට සිනමා රසිකයන්ට රහසක් නොවෙයි.

දෙදෙනා දෙපසට වී සිටියද දරුවන්ගේ සතුට වෙනුවෙන් මුණ ගැසී එකට ගමන් බිමන් යන්නට පැකිළෙන්නේ නැති වග මේ වන විට කාටත් පැහැදිලි වන්නේ ඔවුන් පසුගිය මස 19 දා ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටිය සහ ඒ අවට සිරි නරඹමින් සැහැල්ලුවෙන් ගත කළ බව බොලිවුඩයෙන් අසන්නට ලැබීමත් සමගය.

රිතික් – සුසෑන් දෙපළගේ දරුවන් දෙදෙනාත් සුසෑන්ගේ සොහොයුරන් වන සායෙඩ් ඛාන් සහ ෆාරා ඛාන් ද මේ සංචාරයට එක්වී තිබේ.

ඇල්ප්ස් සංචාරයෙන් පසුව මේ පිරිස පිටත්ව ගොස් ඇත්තේ ඩුබායි දේශයට වන අතර මේ සංචාරයේදී ගන්නා ලද ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබුණි.

එම ඡායාරූපවල රිතික් සහ සුසෑන් එකිනෙකාට සමීපව සෙසු අය සමඟ පෙනී සිටින අන්දම දුටු සමහරු විවිධ කතන්දර පවසා ඇති අතර ඒ අය පැවසූවේ රිතික් සහ සුසෑන් යළි එක වහලක් යට පදිංචියට යන දිනය වැඩි ඈතක නොවන බවයි.

මේ කතාව වේගයෙන් පැතිරී යද්දී ඊට ප්‍රතිචාර දැක්වූ සුසෑන් මෙසේ ප්‍රතිචාර දක්වා තිබේ…

“මම, මගේ රසික ජනතාවගෙන් ඉල්ලන්නේ ඔය වගේ කතා නොකියන්න කියලයි. අපි දෙන්න ආයෙත් කවදාවත් එකතු වෙන්නේ නැහැ. නමුත් මම අපේ දරුවන්ට ආදරණීය මවක් වෙනවා. රිතික්ගෙනුත් ඒ යුතුකම ඉටුවේවි.”

රිතික් සහ සුසෑන් මීට පෙරද තම දරුවන් සමඟ ඩුබායිහි සුපිරි අවන්හලකදී රාත්‍රී ආහාර ගත් බවක් ආරංචි වුණ අතර එය සිදු වූයේ මේ දෙදෙනා වෙන්වී ගිය පසුවයි.

එසේම මෙවැනි සංචාරවලදී දැකගත හැකි විශේෂත්වයක් වූයේ රිතික් සහ සුසෑන් ඉතාම සැහැල්ලුවෙන්, විනෝදයෙන් ගත කරන ආකාරයයි.