FAST NEWS

24×7 Around the Globe

මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා හම්බන්තොටින් පමණයි ?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හම්බන්තොටින් පමණක් නාම යෝජනා ලබාදීමට හැකි බව එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා සකස් කිරීම ගැන අඟහරුවාදා (7) රාත්‍රී පැවති විශේෂ සාකච්ඡාවට ජනපතිගේ නියෝජිතයකු කරුණු දක්වා ඇතැයි දේශපාලන ආරංචි කියයි.

දූෂණ චෝදනාවලට ලක්වූ හිටපු ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු 20 දෙනකු නාම යෝජනා ලබානොදීමටද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවද දැනගන්නට ඇත.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ සන්ධාන නියෝජිතයන් එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් ලබානොදුන් අතර යළි සාකච්ඡා කොට ලබන 11 හෝ 12 දිනවලදී සන්ධානයේ නාම යෝජනා ලබාදීමට නියමිත බවත් කියති.