FAST NEWS

24×7 Around the Globe

ජානිපෙ මන්ත්‍රී පද්ම උදය ශාන්තත් FCID යට..

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවා තිබේ.

රජයේ වාහන අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බනධයෙන් ප්‍රකාශයක් ලබාගැනිමට ඔහු මූල්‍ය අපරාධ ඒකකයට කැඳවා ඇතැයි වාර්තාවෙයි.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාද වාහන අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.