FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍යයේ චාල්ස්‌ කැමීලා දීගෙත් කෙළවරයි..

බ්‍රිතාන්‍යයේ චාල්ස්‌ කුමරු හා කැමිලා පාකර් ආර්යාව අතර විවාහය බිඳවැටී ඇති බව බ්‍රිතාන්‍ය  වාර්තා පවසයි.

එ අනුව ඔවුන් දික්‌කසාදවීම සඳහා කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් එළිසබත් රැජින කම්පාවට පත්වී ඇති බවත් සඳහන්.

2006 වසරේදී චාල්ස්‌ කුමරු සහ කැමිලා යුග දිවියට පත්වූ අතර ඔවුන් දෙදෙනා යළි එකතු කිරීමට එළිසබත් රැජින දැරූ උත්සාහයද ව්‍යර්ථවී ඇති බවද පැවසේ.

බ්‍රිතාන්‍ය වාර්තා වැඩිදුරටත් දක්‌වන්නේ චාල්ස්‌ හා කැමිලා සිය නීතිවේදීන් වෙත යොමුවී ඇති බවයි.

එසේම ඔවුන්ගේ විවාහය බිඳී යැමට හේතුවී ඇත්තේ කැමිලා දින ගණනාවක්‌ම චාල්ස්‌ කුමරුගෙන් ඈත්ව සිටීමෙ බවද එම වාර්තා වැඩි දුරටත් පවසයි.