FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පී ආරි පොලිස් අත්අඩංගුවට…

 

දකුණු ඉන්දියාවේ ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පියෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

චිත්‍රපට රංගන ශිල්පී ආරි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලන්ගා නල්ලූර් ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයට එක්වීම හේතුවෙනි.

තෛපොංගල් උත්සවයට දකුණු ඉන්දියාවේ සාමාන්‍යයෙන් ගව පොර පැවැත්වෙතත් මෙවර එම ගව පොර බලධාරීන් විසින් තහනම් කර තිබේ.

එම තහනමට විරෝධය පළකරමින් පසුගිය දින කිහිපය පුරා විරෝධතා පැවැති අතර එවැනි විරෝධයකට රංගන ශිල්පී ආරි ද එක්ව ඇති බැවින් පසුව ඔහු උමාචිකුලම් පොලිස් මුරපොළ අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.