FAST NEWS

24×7 Around the Globe

27 වැනිදා නුගේගොඩ රැස්වීමට හිටපු ජනපති..

ජනවාරී මස 27 වැනිදා නුගේගොඩ පවත්වන රැස්වීමට මහින්ද රාජපක්ෂ මහතා සමඟින් අලුත් මුහුණු කිහිපයක් සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (16) පෙරවරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී  කියා සිටියේය.

එම රැස්වීම කඩාකප්පල් කිරීමට මේ වන විටත් ආණ්ඩුව කටයුතු කරන බවත් සිය කණ්ඩායමේ ඇතැම් පිරිස් අත්අඩංගුවට ගැනීම් සිදුකරමින් සිටියද රැස්වීම සාර්ථකව පවත්වන බවද ඔහු පැවසිය.

මේ ආණ්ඩුව රටට සිදු කරන අහිතකර ක්‍රියාවන් එරෙහිව තම පිරිස කටයුතු කරන බව මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.