FAST NEWS

24×7 Around the Globe

ලොතරැයි සාකච්ඡාව අසාර්ථකයි – වර්ජනය අඛණ්ඩව..

ලොතරැයි මිල නැවත රුපියල් 20 දක්වා අඩු කරන ලෙස අලෙවි නියෝජිතයන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා මහත්මිය සමග අද(16) පැවැති සාකච්ඡාව අසාර්ථක බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය.

ඒ අනුව ලොතරැයි අලෙවි නොකර අඛණ්ඩව වර්ජනයේ යෙදෙන බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය පවසයි.