FAST NEWS

24×7 Around the Globe

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට සැරසේ..

ෆාම් ඔයිල් සහ මාගරින් ඇතුළු ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ඉදිරියේදී බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට සිදුවන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන සඳහන් කළේ බලධාරීන් කඩිනමින් විසඳුමක් ලබා නොදුනහොත් සිය නිෂ්පාදනවල මිල ගණන් නිසැක වශයෙන්ම ඉහළ නැංවීමට තම සංගමයේ සාමාජිකයන් තීරණයක් ගෙන ඇති බවයි.