FAST NEWS

24×7 Around the Globe

අයැදුම්කරුවෝ 1,34,238 සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලබති..

2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් 1,34,238 දෙනකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර ප්‍රකාශ කරයි.

2015 වසරේ සුදුසුකම් ලද සංඛ්‍යාව 1,31,137ක් විය. එවර ප්‍රතිශතය 62.35කි. මෙවර ප්‍රතිශතය 63.36ක් දක්වා වර්ධනය වී ඇතැයිද හෙතෙම පැවැසීය.