FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් සේනාධිපතිට හා මේජර් ජෙනරාල් පාලිතට රට යෑම තහනම්…

අල්ලස් චෝදනා නඩුවකට අදාළව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ සහ මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කර කළේය.

ඒ අනුව ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදි නියම කළේය.

රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන් බවට නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිව චෝදනා පවතින අතර  එම මුදල අල්ලස් ලෙස ලබාගත් බවට මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

නඩුව ලබන අප්‍රේල් මස 03 වනදා දිනට කල් දැමීමට අධිකරණය තිරණය කළේය.