FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ආයතනවල වායුසමීකරණ සඳහා චක්‍රලේඛයක්..

දිවයිනට බලපා ඇති නියං තත්ත්වයට මුහුණ දීම සඳහා විදුලිය පිරිමැසීමේ අරමුණින් සියලුම රාජ්‍ය ආයතනවල වායුසමීකරණ යන්ත්‍රවල උෂ්ණත්වය පාලනය සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවල වායුසමීකරණ යන්ත්‍රවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 දක්වා තැබීම සඳහා මෙම චක්‍රලේඛය නිකුත් කරන බව අමාත්‍යවරයා ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.