FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් පොදු අපේක්‍ෂකයක්..

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විසින් 2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන්නේ නම් ඒකාබද්ධ විපක්‍ෂය විසින් ද පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව එහි කැඳවුම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යළිත් ජනාධිපතිවරයා වශයෙන් ඉදිරිපත් වීමෙන් ඉතිරි වී ඇති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ද විනාශ මුඛයට ඇද දැමීමකට ලක්‌වන බව මන්ත්‍රීවරයා කියා සිටී.

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සුවදුක්‌ විමසීමට පෙරේදා (14 දා) වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්‌ථාවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.