FAST NEWS

24×7 Around the Globe

අගමැති ඇතුළු දූත පිරිස ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි…

 

ස්විට්සර්ලන්තයේ – ඩාවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගිවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු ය අද(16) දිවයිනෙන් පිටත්ව යන ලදි.

අද(16) අලුයම 2.50 ට පමණ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ඊ.කේ. 349 දරණ යානයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුලු හත්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගිය අතර මේ මස 21 වනදා දක්වා ඔහු එරට රැඳී සිටින බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කලේය.

ලෝක ආර්ථිකයේ නව ප්‍රවණතා ගැඹුරින් විමසා බැලෙන ලෝක ආර්ථික සමුළුවට රටවල් 40 කට අධික සංඛ්‍යාවක රාජ්‍ය නායකයින් සහභාගි වීමට නියමිතය.

එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයින් සහ මුල් පෙළේ ජාත්‍යන්තර ව්‍යවසායකයින් සමඟ සාකච්ඡා පවත්වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන ලදි.