FAST NEWS

24×7 Around the Globe

සීමා නීර්ණය කොමිසමේ අවසන් වාර්තාවට එජාපයේ අත්සන අද…

 

සීමා නීර්ණය කොමිසමේ අවසන් වාර්තාවට එක්සත් ජාතික පක්ෂ නියෝජිතයා අද (16) දිනයේ අත්සන් තැබීමට නියමිතය.

මෙම කොමිසමේ අවසන් වාර්තාවට පස් දෙනෙකු අත්සන් තැබීය යුතු අතර මේ වන විට ඉන් සිව් දෙනෙකු අත්සන් තබා තිබේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයා අත්සන් නොතැබීම හේතුවෙන් කොමිසමේ වාර්තාව අමාත්‍යවරයාට භාරදිම ප්‍රමාද විය.

ඒ අනුව අද(16) දිනයේ එක්සත් ජාතික පක්ෂ නියෝජිත ඒ.එස්.එම් මිස්බාර් මහතා අදාළ වාර්තාවට අත්සන් තැබුවහොත් හෙට දිනයේ වාර්තාව විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත භාරදීමට හැකියාව පවතින බව සීමා නීර්ණය කොමිසන් සභාවේ සභාපති අශෝක පීරිස් මහතා සදහන් කළේය.