FAST NEWS

24×7 Around the Globe

ලොතරැයි අලෙවි නියෝජිතයන් හෙට සිට යළි වර්ජනයේ..

ලොතරැයි අලෙවි නියෝජිතයන් හෙට (16) දින සිට වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය පවසයි.

 හෙට සිට දින තුනක කාලයක් ලොතරැයි අලෙවි කිරීමෙන් වැළකී සිටීමට තමන් තීරණය කර ඇති බව එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත් මාරඹගේ මහතා සඳහන් කළේය.

 ලොතරැයි මිල රුපියල් 30 දක්වා ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ ආදායම පහත වැටී ඇති බවත් රුපියල් 30ක මුදලකට ලොතරැයි මිලදී ගැනීම මහජනතාව ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු පැවසිය.

 වර්ජනය සිදුකරන දින තුන තුළ සාධාරණ විසඳුමක් නොලැබෙන්නේ නම් ලබන 19 වැනිදා දැවැන්ත විරෝධතාවක් කොටුව දුම්රියපල ඉදිරිපිට දී ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත් මාරඹගේ මහතා සදහන් කළේය.