FAST NEWS

24×7 Around the Globe

සුරාසැල් වැසිය යුතු දින නම් කෙරේ…

 

මේ වසරේ සුරාසැල් වසා තැබිය යුතු දින පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව අද (14) ප්‍රකාශයට පත් කල අතර ඒ අනුව සියලූ පොහෝ දිනයන් හිදී මෙන්ම පෙබරවාරි 04 වනදාට යෙදෙන ජාතික නිදහස් දිනයේදීද සුරාසැල් වසා තැබිය යුතුය.

එසේම සුරාබදු දෙපාර්තමේන්තුව පැවසූවේ සිංහල සහ දෙමළ අලූත් අවුරුදු දින දෙකෙහි මෙන්ම රාමසාන් දිනයේදීද සුරාසැල් වසා තැබිය යුතු බවයි.

ලෝක අමද්‍යප දිනය යෙදෙන ඔක්තෝම්බර් 03 වනදා සහ නත්තල් දිනයේදීද අදාළ රෙගුලාසි ක්‍රියාත්මකය.