FAST NEWS

24×7 Around the Globe

ත්‍රිරෝද රථයට මීටරය අනිවාර්යයි – ගැසට්‌ නිවේදනයක් නිකුත් වෙයි..

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා ගාස්‌තු සටහන් වන මීටරය අනිවාර්ය කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඊට අදාළ සහ ත්‍රිරෝද රථ අනතුරු අවම කිරීම මෙන්ම මගී ආරක්‍ෂාව සම්බන්ධව කරුණු රැසක්‌ ඇතුළත් ගැසට්‌ නිවේදනයක්‌ එම අමාත්‍යාංශය විසින් නිකුත් කිරීමට කටයුතු යොදා තිබේ.

එහෙත් ගාස්‌තු මීටරය සවි කිරීමට යම් සහන කාලයක්‌ ලබා දීමටද අමාත්‍යාංශය කටයුතු කරන බව එම අමාත්‍යාංශය ලේකම් නිහාල් සෝමවීර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.