බොදු බල සේනා  දිස්ත්‍රික්ක 15කින් –  ඤාණසාර හිමි

බොදු බල සේනා දිස්ත්‍රික්ක 15කින් – ඤාණසාර හිමි

මහ මැතිවරණයේදී බොදු ජන පෙරමුණ දිස්ත්‍රික්ක 15ක් සඳහා නාම යෝජනා භාරදෙන බව බොදු බල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩ අත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

මහනුවර, කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර හා වව්නියාව දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයන්තෝරාගෙන නාම යෝජනා සකස් කිරීමේ කටයුතු ද මේ වන විට අවසන් කර ඇතැයි හිමියෝ කීහ.

ඉදිරි දිනවල අනෙකුත් දිස්ත්‍රික්කවල සඳහා අපේක්ෂකයින් තේරීමේ කටයුතු වන අතර පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම ද නුදුරු දිනකදී කෙරෙන බව හිමියෝ කීහ.

රටම නියෝජනය වන පරිදි බොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට නොහැකි වූයේ ඒ සඳහා කාලය මදිවීම නිසා බවද හිමියෝ අවධාරණය කළහ.

මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීම බොදුජන පෙරමුණට අදාළ කාරණයක් නොවන බවත් ඊයේ (07) කිරුළපන පැවැති ජනමාධ්‍ය හමුවකදී හිමියෝ සඳහන් කළහ.