FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් හා චීන ජනපති ෂි ජින් පින්ග් අතර විශේෂ හමුවක්..

චීන ජනාධිපති ෂි ජින් පින්ග් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් මේ සතිය තුළදී ස්විට්සර්ලන්තයේදී සිදුවීමට නියමිතය.

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 47 වන ලෝක ආර්ථික සමුළුව අතරතුර මෙම විශේෂ හමුව සිදුවීමට නියමිතව ඇත.

එහිදී දෙරට අතර සිදුකෙරෙන වෙළෙඳ ගිවිසුම්, ආයෝජන අවස්ථා හා දේශපාලනික ස්ථාවරත්වය සම්බන්ධයෙන් වැඩිවශයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තා වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා (15දා) ස්විට්සර්ලන්තය බලා පිටත්ව යෑමට නියමිත අතර සතියක කාලයක් එහි රැඳී සිටීමට නියමිතය.

එම කාලය අතරතුර රාජ්‍ය නායකයන්, ආර්ථික විශ්‍ලේෂකයන් සහ ලෝකයේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් සමග අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කිරීමට නියමිතය.

නිමල කොඩිතුවක්කු