FAST NEWS

24×7 Around the Globe

කූඨ ලේඛන සකසා පාසලට ළමුන් දැම්මොත් බලාගෙනයි…

 

කූඨ ලේඛන සකසා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට උත්සහ දරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

ඔහු පවසන්නේ කූට ලේඛන සකස් කොට පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමට උත්සහ දරන දෙමාපියන්ගේ ළමුන්ට පාසල් ලබාදීමේ වගකීම ආණ්ඩුව භාර නොගන්නා බවයි.

අද පැවැති (12) මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළව මේවන විට ස්ථානීය පරීක්ෂා කිරීම් 147ක් සිදුකර ඇති බවත්, එයින් 31ක් ව්‍යාජ හා සුදුසු නොවන ඒවා බව තහවුරු වී ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඇතැමුන් නිවාස ලෙස රථ ගාල්වල මුරකුටිද, පල්ලිද, ව්‍යාපාරික ස්ථානද, හදමින් පවතින ගොඩනැඟිලිද නම් කර ඇති බවත්, උතුරේ ප්‍රධාන අමාත්‍යවරයාගේ නිවසේ ලිපිනය පවා ඇතුළත් කොට පාසලට ළමුන් ඇතුළත් කිරීමට උත්සාහ දරා ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

අනෙක් අතට ආදි ශිෂ්‍යයින්ගේ මැදිහත්වීමෙන් මුදල් ලබාගැනීමෙන් පවා පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම් ගැන පැමිණිලි ලැබී ඇති බවත්, ව්‍යාජ සහතික නිකුත් කරනු ලබන ග්‍රාමසේවක නිලධාරීන්ට පවා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.