FAST NEWS

24×7 Around the Globe

තොරතුරු දැන ගැනීමේ පනත පෙබරවාරී 03 වැනිදා ගැසට් කෙරේ..

2016 අගෝස්තු මස 04  වැනිදා පාර්ලිමේන්තුව තුළ එකමතිකව සම්මත වු තොරතුරු දැන ගැනීමේ පනත පෙබරවාරි මස 03  දින ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමීත බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ගැසට් පත්‍රය නිවේනදය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සෑම පුරවැසියෙකුට තමන්ට අවශ්‍ය තොරතුරු ඕනෑම රාජ්‍ය ආයතනයකින් ලබා ගැනීමට අයිතිය හිමිවන බවද අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නේය.

තොරුතුරු ලබා දෙන සියළුම රාජ්‍ය ආයතනවල නිලධාරින් සියළු දෙනාම එක තැනකට ගෙනවිත් අදාළ පත්වීම් ලබා දීමෙන් අනතුරුව මෙම ක්‍රියාවලිය ආරම්භ වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.