FAST NEWS

24×7 Around the Globe

2020 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වයට ජනපති මෛත්‍රී නෑ..

2020 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්‌ෂක ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තීරණයක්‌ ගෙන නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (10 වැනිදා) පැවසුවාය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කරමින් බවද ඇය කීවාය.

තමා පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරියක බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා 2020 ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්‌ෂකයා ලෙස ඉදිරිපත් වන බවට ඇතැමුන් ප්‍රකාශ කළත් තමා ජ්‍යෙෂ්ඨයකු ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් එවැනි තීරණයක්‌ ගෙන නොමැති බව දන්නා බවත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කියා සිටියේ ඊයේ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.