FAST NEWS

24×7 Around the Globe

කොළඹ කොටුව හා මාතලේ අතර නව දුම්රියක්..

කොළඹ කොටුව හා මාතලේ අතර එළඹෙන 20 වැනිදා සිට නව දුම්රියක් ධාවනය කරවීමට නියමිතය බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනවල කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව 02.20ට පිටත්වන දුම්රිය ප.ව 07.13ට මාතලේ දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතය.

එසේම සෑම සෙනසුරාදා හා සඳුදා දිනවල මාතලේ දුම්රිය ස්ථානයෙන් පෙ.ව 06.40ට පිටත්වන දුම්රිය පෙ.ව 11.15ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතය.