FAST NEWS

24×7 Around the Globe

විභාග දෙපාර්තුමෙන්තුවෙන් උ.පෙළ අයදුම්කරුවන්ට පණිවිඩයක්.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම්කරුවන්ට නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රයේ ප්‍රථම වතාවට අපේක්ෂකයාගේ ජාතික හැඳුනුම්පත් අංකය, විභාග මධ්‍යස්ථාන අංකය සහ අයදුම්කරු අයත්වන විෂය ධාරාව ඇතුළත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

දිවයින පුරා පුද්ගලික සහ පාසල් අයදුම්කරුවන්ට අදාළ ප්‍රවේශපත් මේ වනවිටත් තැපැල් කර ඇති අතර, ඒවායේ යම්කිසි සංශෝධනයක් වෙතොත් ජූලි මස 24 වැනි දිනට පෙර තම දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත දැනුවත් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.