FAST NEWS

24×7 Around the Globe

සංගීතයෙන් හා හාස්‍යයෙන් අනුන “sing” 21 ක තිරගත වේ..(වීඩියෝ)

එළැඹෙන ජනවාරී 21වැනිදා එළිදැක්වීමට නියමිත”sing” චිත්‍රපටය ඇමරිකානු ත්‍රිමාණ සජීවීකරණ සංගීතමය මෙන්ම හාස්‍යමය සිනමාපටයක් ලෙස නිර්මාණය වී ඇති අතර මීට ප්‍රසිද්ධ සංගීත ශිල්පීන්ගේ ගීත 85ක් පමණ ඇතුළත් වේ.

ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ගායික ගායක දෙපළක් වන ස්ටීව් වොන්ඩර් සහ අරියානා ග්‍රැන්ඩි ගායනා කළ “Faith” නම් නවතම ගීතයද ඒ අතර වේ.

මනුෂත්වාරෝපිත සතුන්ගෙන් ජනාකීර්ණ ලෝකයක “බස්ටර් මූන්” නම් කෝලා කෙනකු සහ ඔහුගේ මිතුරන් වන අනෙකුත් සතුන් වටා ගෙතෙන හාස්‍යෝත්පාදක කතාවක් තේමා කරගනිමින් නිර්මාණය වී ඇති මෙම සිනමාපටයද සිනමාලෝලීන් හට මනා රසවින්දනාත්මක සිනමාපටයකි.

අද ලෝකය තුළ නිර්මාණය වන ෆැන්ටසි මාදිලියේ චිත්‍රපට සඳහා බොහෝ දෙනා ඇල්මක් දක්වන බවද විශේෂ කරුණකි.

සංගීත පසුබිමක් මත දිග හැරෙන මෙම චිත්‍රපටය සඳහා බොහෝ දෙනා ඇල්මක් දක්වන බව ඔහුගේ අදහස බව එහි අධ්‍යක්ෂකවරයා වන ගාත් ජෙනින්ග්ස් සඳහන් කරයි.