FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් මන්ත්‍රී විමල් විරවංශ රිමාන්ඩ් කෙරේ..(update)

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.

+++++++++++++++++++++(update)

හිටපු ඇමති මන්ත්‍රී විමල් විරවංශ අත්අඩංගුවට ගැනේ..(update)

 ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ආරංචි මාර්ග කියයි.

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා ඔහු අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුණු අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමීත බවද පැවසේ.

+++++++++++++++++++++(update)

මන්ත්‍රී විමල් විරවංශ FCID යට පැමීණෙයි..

රජයේ වාහන අවභාවිත කළ බව කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි  විමල් වීරවංශ මහතා අද (10) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

විමල් වීරවංශ මහතා මෙම චෝදනාවට අදාළව අවස්ථා කිහිපයකදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබුණි.